Thursday, December 26, 2024

General line - 0115112241

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ගැටලුවලට සජබ ආණ්ඩුවකින් විසඳුම්




හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව ඇතුළු වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට සිය රජයක් යටතේ විසඳුම් ලබා දෙන බව සමගි ජන බලවේගය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරි මහමැතිවරණයට එම පක්ෂයෙන් තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ දියවන්නාව වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා.   

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සර්වජන බලය සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන වෛද්‍ය ශෝභාත් විජේරත්න මහතාද දියවන්නාව වැඩසටහනට එක්වුණා.