නිරිතදිග පකිස්තානයේ බලුකිස්තාන් පළාතේ ක්වෙටා නගරයෙහි දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මියගිය පිරිස අතර සොල්දාදුවන් කිහිපදෙනෙකු සහ දුම්රිය සේවකයින් 06 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
පිපිරීමෙන් තවත් පුද්ගලයන් 62 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.
මෙලෙස බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පෙෂාවර් බලා පිටත්ව යාමට නියමිතව තිබු දුම්රියක්.
එම බෝම්බය පුපුරා යන අවස්ථාවේදී දුම්රිය වේදිකාවේ මගීන් 100 කට ආසන්න පිරිසක් රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වන බවත් එම කලාපයේ බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
එරට ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය වටලා ඇති අතර, මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.