Tuesday, December 3, 2024

General line - 0115112241

ආන්දෝලයනයට තුඩුදුන් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ආරම්භ කළ බව ජනපති කියයි




පසුගිය කාලයේ ආන්දෝලාත්මක ලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයින්ගේ ඝාතන සම්බන්ධයෙන් නවතා ඇති පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අදාළ සිද්ධීන්වලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට නීතිය හමුවේ පලා යාමට ඉඩ නොතබන බවයි අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.


හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථානුකූලව හිමිවන වරප්‍රසාද පමණක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.