Thursday, December 26, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති රනිල්ගේ අවශ්‍යතාවය යළිත් ජනතාවට දැනෙමින් පවතින බව චන්ද්‍රසේන කියයි




ජනතාවට සහන ලැබෙන සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය තම පක්ෂයට ලබාදෙන ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ වර්තමාන රජය ජනතාවට ලබාදුන් පොරොන්දු මේ වන විටත් මඟහරිමින් සිටින බවයි.


පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇතැම් දේශපාලන පක්ෂවල පුද්ගලයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයට විවිධ චෝදනා එල්ල කළ ද මේ වන විට එම චෝදනා අසත්‍යයක් බවට පත්වී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේදී ජනතාවට සහන ලබාදීමට නම් පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ජාතික ජන බලවේගයට අවශ්‍ය බවයි.


වර්තමාන රජය කෙරෙහි ජනතාව දැඩි කලකිරීමකින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බවයි.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය යළිත් ජනතාවට දැනෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

 

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානමින් සිටින බවයි.