Wednesday, December 11, 2024

General line - 0115112241

ඊශ්‍රායලය සහ හමාස් අතර මැදිහත්කරු ලෙස කටයුතු කිරීම කටාර් රාජ්‍ය අත්හිටුවයි




ඊශ්‍රායලය සහ ගාසා තිරය අතර සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවා ඇති බව කටාර් රාජ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ඊශ්‍රායලය සහ ගාසා තිරය  අතර යුද ගැටුම් අත්හිටුවීම සඳහා දෙපාර්ශවයම සහාය ලබා නොදීම හේතුවෙන්  මෙම තීරණය ගෙන ඇති බැවින් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එසේම දෙපාර්ශ්වයම සටන් විරාමයක් සඳහා කැමැත්ත පල කරන තෙක් කටාර් රාජ්‍ය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවා ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමට එළැඹීමේ සාකච්ජාවේ අවසාන දිනයට පෙර ඊශ්‍රායලය සහ ගාසා තිරය  එකඟතාවකට නොපැමිණියේ නම්  තමන්ගේ සියලු උත්සාහයන් නවත්වන බවට කටාර් රාජ්‍යය අදාළ පාර්ශවයන්ට දැනුම් දී තිබෙනවා.

ඊශ්‍රායලය සහ ගාසා තිරය  අතර පැවති සටන් විරාම සාකච්ඡාවලදී ඇමරිකාව,  ඊජිප්තුව හා කටාර් රාජ්‍යයද  ප්‍රධාන මැදිහත් පාර්ශවයන් ලෙස කටයුතු කර තිබෙනවා.