Thursday, December 5, 2024

General line - 0115112241

මහ මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්




මහ මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ සියලුම දේශපාලන කණ්ඩායම්වල අපේක්ෂකයින් මැතිවරණ නීතිරීතිවලට ගරුකමින් නිහඬ කාලය තුළ සාමකාමීව කටයුතු කරන ලෙසයි. 


කොට්ඨාස මට්ටමෙන් මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.


රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවා දායකයින්ට නිවාඩු ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව ද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා මෙහිදී දැනුම් දීමක් සිදුකළා.