Friday, December 27, 2024

General line - 0115112241

ජනතාවට සහන දෙන්න පාර්ලිමේන්තුවේ අවසරයක් අවශ්‍ය නොවන බව සජිත් කියයි




පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නියෝජිතයින් මේ දිනවල විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගන්නා බවට ප්‍රකාශ සිදුකල ද එය වචනයට පමණක් සීමා වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.  


ජනතාවට සහන ලබාදීමට පාර්ලිමේන්තුවේ අවසරයක් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජයෙන් ඉල්ලා සිටියේ ජනතාවට ලබාදුන් පොරොන්දු හැකි ඉක්මනින් ඉටු කරන ලෙසයි. 


වර්තමාන රජය විසින් සිදුකරන සියලුම විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහාය ලබාදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. 


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකල ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඒ, බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.