Thursday, December 26, 2024

General line - 0115112241

වරදාන වරප්‍රසාදවලට නොරැවටී සුදුසු අය මැති සබයට යවන්න - නීතිවේදීන් ඡන්දදායකයින්ගෙන් ඉල්ලයි




වරදාන, වරප්‍රසාදවලට නොරැවටී සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඡන්ද දායකයින් කටයුතු කළ යුතු බව නීතිවේදීන්ද පවසනවා.

එලෙස කටයුතු කිරීම ඡන්ද දායකයින්ගේ මූලික අයිතියක් බවයි ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම මහතා පැවසුවේ.


රටේ අනාගතය ගැන සිතා එලෙස සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.