Friday, December 27, 2024

General line - 0115112241

හිමිකරුවන් නොමැති වාහන 18 ක් ගැන පොලිස් විමර්ශන




හිමිකරුවන් නොමැති වාහන 18 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

ජනතාව විසින් ඒ පිළිබඳ දැනුම්දී ඇති බවත් එම තොරතුරු සත්‍ය බවට අනාවරණ වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.


එලෙස වාහන තබාගෙන සිටින දේශපාලඥයන් සම්බන්ධයෙන් ද තවදුරටත් තොරතුරු ලැබෙමින් ඇති බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.


කෙසේවෙතත් මෙවැනි ආකාරයට සංසරණය වන වාහන සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරු පද්ධතියක් පොලිසිය සතුව මෙතෙක් නොතිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.