මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු එළඹෙන නිහඬ කාලය තුළ කිසිදු දේශපාලන කටයුත්තක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.
අපේක්ෂකයින් විසින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති කාර්යාල ද හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කර ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.
මැතිවරණ නිහඬ කාලය තුළ ද නීති උල්ලංඝනය නොකරන ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා දේශපාලන පක්ෂවලින් සහ සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළා.