Friday, December 27, 2024

General line - 0115112241

මතුගම පාසලේ ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යංශය වාර්තාවක් කැඳවයි




මතුගම පාසලක උසස් පෙළ දරුවන්ට දෙවන වාර පරීක්ෂණයේදී ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම පාසලේ විදුහල්පතිනිය වෙත උපදෙස් දී තිබෙනවා.

අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 05 ක් දේශපාලන පක්ෂයකට අදාළව ලබාදී ඇති බවටයි චෝදනා එල්ල වුණේ.    

ඒ, සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද කරුණු අනාවරණ කළා. 


නෙත් නිවුස් ද මේ සම්බන්ධයෙන් අදාළ පාසලෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රය සංවර්ධන නිලධාරියෙකු විසින් සකස් කර ඇති බවයි.

කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදීමට පෙර අදාළ ගුරුවරයාට එය පරීක්ෂා කිරීමට ද නොහැකි වී ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.