Thursday, December 26, 2024

General line - 0115112241

අස්වැසුම නොවැම්බරයේ දීමනාව අද සිට ගන්න ප්‍රතිලාභීන්ට අවස්ථාව




නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ එම දීමනාව ඊයේ දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කළ බවයි.

ඒ අනුව ප්‍රතිලාභී පවුල් දහසය ලක්ෂ 92,481 ක් අතරේ රුපියල් දස බිලියන නවසිය තිස් නව මිලියන අටසිය අනූ හතර දහස් 750 ක මුදලක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.