Friday, December 27, 2024

General line - 0115112241

Channel 4 නාලිකාව විකාශය කළ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ වීඩියෝව ගැන CID යෙන් විමර්ශන.




පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය  රූපවාහිනී නාලිකාවක් වූ Channel 4 නාලිකාවේ විකාශය වූ වීඩියෝවක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාල වීඩියෝව පිළිබඳ බාහිර සංවිධානයක් විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.  

ඒ අනුව එම පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව එහි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයෙකු වූ මොහොමඩ් මහීලාල් මොහොමඩ් හන්සීර් නොහොත් අසාත් මවුලානා යන අය සමඟ Channel 4 නාලිකාව එම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇති බව පොලිසිය පවසනවා.

ඒ පසුගිය සැප්තැම්බර් 09 වන දින හෝ ඊට ආසන්න දිනකදීයි.

ඒ, අනුව එම වීඩියෝවේ අඩංගු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.