ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය සඳහා යළි සාකච්ඡා ආරම්භ කර ලබන වසරේ පෙබරවාරි මුල් භාගයේදී එම සාකච්ඡා අවසන් කර ප්‍රගතිය අත්පත් කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් කණ්ඩායමක් ලබන 16 වනදා වන විට දිවයිනට පැමිණෙන බවයි ජාතික ජන බලවේගයේ කොළඹ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.
ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලපෑම් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මනත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.