Tuesday, December 3, 2024

General line - 0115112241

දේශපාලන පක්ෂ රැසක් විපක්ෂය වෙනුවෙන් තරඟ කරන හේතුව මාලිමාව කියයි




නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමට උත්සාහ නොකරන බව ජාතික ජන බලවේගය පවසනවා.

රටට අවශ්‍ය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව ජනතාව මේ වන විටත් තීරණය කර ඇති බැවින් වෙනත් පක්ෂ විපක්ෂයේ බලය ලබා ගැනීමට උත්සාහ කරන බවයි ජාතික ජන බලවේගයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ.

ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින්.  


සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ද සිව්වෙනි මානය වැඩසටහනට එක් වුණා.