Friday, December 27, 2024

General line - 0115112241

මතුගම ප්‍රශ්න පත්‍ර ගැටලුවට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි




මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ සිසුන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයක දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05 ක් අන්තර්ග වීමේ සිද්ධියට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම පාසලේ උසස් පෙළ දරුවන්ට දෙවන වාර පරීක්ෂණයේදී ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රයේ එලෙස දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05 ක් ඇතුළත්ව තිබුණා.      

ඒ, සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම පාසලේ විදුහල්පතිනිය වෙත උපදෙස් දී තිබෙනවා. 

නෙත් නිවුස් ද මේ සම්බන්ධයෙන් අදාළ පාසලෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රය සංවර්ධන නිලධාරියෙකු විසින් සකස් කර ඇති බවයි.

කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදීමට පෙර අදාළ ගුරුවරයාට එය පරීක්ෂා කිරීමට ද නොහැකි වී ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.