Thursday, December 26, 2024

General line - 0115112241

නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් දෙදෙනෙකු මරුට - තවත් දෙදෙනෙකු රෝහලේ

ඩී.ජේ.විජේසිංහ




නීතිවිරෝධී මත්පැන් බෝතලයක් පානය කළ පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ සෙසු පුද්ගලයන් දෙදෙනා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

ඒ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පිටිගල, මත්තක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේ මෙම පිරිස ඊයේ රාත්‍රියේ නීති විරෝධී මත්පැන් බෝතලයක් පානය කර තිබෙනවා.

ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් එම පුද්ගලයින් සිව්දෙනා පළමුව ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 සහ 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයින් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.