Saturday, November 23, 2024

General line - 0115112241

මහමැතිවරණයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද




හෙට පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදුකර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සියලු ඡන්ද මධ්‍යස්ථා වෙත ඡන්ද පෙට්ටි සහ අදාළ ලේඛණ අද දිනයේ බෙදා හරින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.


අපේක්ෂකයින්ට මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට තිබූ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මෙතෙක් ඉවත් නොකළ මැතිවරණ කාර්යාල පොලිසිය විසින් ඉවත් කරන බවයි ඔහු කියා සිටියේ.

 


ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.



ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්දය ගනන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන නොයා යුතු දෑ සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා කරුණු දැක්වූවා.


හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.

ඒ සඳහා 90,000කට ආසන්න පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමටයි නියමිතව ඇත්තේ.