ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරින් පවසනවා.
ඒ අනුව දැනට ධාවනය වන බස් රථවලට අතිරේක බස් රථ 80 ක් දුර ගමන් සේවා සඳහා අද දිනයේ එක්කරන බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසුවේ.
මැතිවරණ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1,300 කට වැඩි ප්‍රමාණයක් මුදා හරින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර මගී අවශ්‍යතාවය පරිදි අතිරේක බස් රථ ද ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
මේ අතර දුම්රිය කිහිපයකට අමතර දුම්රිය මැදිරි එක් කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවා.