උතුරු, උතුරු-මැද, නැහෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැහෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ.
මේ අතර බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපයෙහි ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි වර්ධනය සහ බලපෑම හේතුවෙන් ගංගා ද්‍රෝණි 12 ක් ආශ්රිත ගංවතුර තත්ත්වයක් ඇතිවිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය.
මේ අතර උතුරු මැද ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග රාජංගනය හා අංගමුව ජලාශවල හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට එම ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
රාජංගනය ජලාශ පෝෂක ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ රාජාංගනය ජලාශයේ ජල මට්ටම අඩි 33 යි දශම 8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසන්නේ.
ඒ අනුව ඇදහැලෙන වර්ෂාවත් සමඟ මේ වන විට රාජාංගනය ජලාශයේ හදිසි වාන් දොරටු 04 ක් විවෘත කිරිමට එම ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.