පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට රජය තීරණය කළහොත් ඊට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සදහා යොදාගත් රජයේ නිලධාරීන් ඉදිරි මැතිවරණ රාජකාරී සදහා යොදවා ගන්නා බවයි.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින 40 ක පමණ කාලයක් අවශ්‍ය බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාල සීමාවේ පැවැත්වීමට කටයුතු කරන බව ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළා.