සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසනවා.
ඔහු පැවසුවේ දෙපාර්ශවය තුළ පවතින මතගැටුම් විසඳා ගනිමින් නව නායකත්වයකින් යුතු දේශපාලන ගමනක් ආරම්භ කළ යුතු බවයි.
පසුගිය සමයේ පැවති මැතිවරණ පරාජයට පත්වීමට ප්රධානතම හේතුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දෙකඩ වී මැතිවරණවලට ඉදිරිපත් වීම බවයි පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ.
දෙපාර්ශවයේම පක්ෂ නායකයින් මේ පිළිබඳ අවදානය යොමු කර හැකි ඉක්මනින් තීරණයක් ගත යුතු බවද මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතා ද පැවසුවේ ඉදිරි දේශපාලන ගමන ශක්තිමත් කර ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කළ යුතු බවයි.