අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාවන්ට සිදු වූ හානි පිළිබඳ තක්සේරු අද දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
පවතින චක්‍ර ලේඛවලට අනුව ඉදිරියේදී ගොවීන්ට අනිවාර්යයෙන්ම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
වී වගාවට සහ එළවළු වගාවට වැඩි හානියක් සිදුවී ඇති බවත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.