Monday, December 2, 2024

General line - 0115112241

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති අවහිරතා ඉවතට




උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා ඉවත් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් උඩුවර ප්‍රදේශයෙන් එම දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටී තිබුණා. 

ඒ අනුව දින කිහිපයක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කර තිබුණා. 

එම දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් සහ ගල් ඉවත් කිරීමෙන් අනතුරුව අද සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලිසිය පැවසුවේ.