යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ සිදුකල මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහඅට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් දහ අටදෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව පැවසුවේ.
එම ධීවරයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, උතුරු කලාප ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.