ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ, සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරා බද්ධ සහ අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල පැහැර හැරීම හේතුවෙන්.
ඒ අනුව හෙට දිනයේ සිට එම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවනු ඇති. කෙසේවෙතත් මුදල් හා අධිභාරය ගෙවීම පැහැර හරින්නේ නම් අදාළ සමාගමේ මත්පැන් ප්‍රවාහන කටයුතු ද අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිතයි. එය තවදුරටත් දීර්ඝ නොකිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.
ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ද අද තීන්දු කළා.
ඒ, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය, බල රහිත කරන ලෙසටයි ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම ඉල්ලා තිබුණේ.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.