ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ එහි ප්‍රතිඵල එළඹෙන අයවැයේදී දැකගත හැකි වනු ඇති බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පරස්පරයක් මතුව ඇති බවයි.
එහෙත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා ප්‍රකාශ කළේ ලබන වසරේදී සංචාරක පැමිණීම මිලියන 3ක් දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.
මේ අතර 2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊට අදාළ විවාදය අද සහ හෙට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.