මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත ඇහැටුගස් වැව, කිරිඉබිබන් වැව සහ පදවිය යන ප්‍රදේශයන්හිදී පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 06 වනදා පදවිය, බාලයා වැව ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් 04 දෙනෙක්.
සැකකරුවන් සන්තකව තිබූ T 56 ගිනි අවියක් හා T 56 පතරොම් 08 ක්, මැගසින් එක්ක හා මිලි මීටර් 09 පතරොම් 05 ක් සහ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයගත් බවයි පොලිසිය පැවසුවේ.
තවද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 ක් සමඟ ඉලෙක්ටි්රක් තරාදි 02 ක්, යතුරු පැදියක් සහ ජංගම දුරකථන 04 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් මත අදාල සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන තවත් පුද්ගලයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව, මේ වන විට එම සිද්ධියට අදාලව පුද්ගලයින් 07 දෙනෙකුට අත්අඩංගුවට ගෙන තිබෙනවා.