ගිරිතලේ යාය තුන ප්රද්ශයේදී වන අලි පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ ගිරිතලේ යාය තුන ප්රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.
අද අලුයම 04.30 ට පමණ සිය ගෙවත්තකට පැමිණි වන අලියෙකු පලවා හැරීමට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාට වන අලියා පහරදී ඇති බවයි මින්නේරිය පොලිසිය පැවසුවේ.
වන අලියා පලවා හැරීමට ගිය පිරිස අතර සිටි එම පුද්ගලයා යළි නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර ගෙවත්තේ තිබී සොයාගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.