රජය මඟින් පාලන මිලක් නියම කළ ද පවතින සහල් අර්බුදය මෙතෙක් විසඳී නොමැති බව වෙළඳපොළ වාර්තා අනාවරණ කරනවා.
අලුතෙන් පනවන ලද පාලන මිලට අනුව වී මිලෙහි වෙනස් වී නොමැති බවයි මරදගහමුල සහල් ව්‍යාපාරිකයින් පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මරදගමුල සහල් නිෂ්පාදන සංගමයේ සභාපති බී කේ රංජිත්.
ප්‍රධාන වාණිජ නගරයක් වන දඹුල්ල නගරයට පාලන මිලට සහල් තොග ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඇතැම් වෙළඳසැල් හිමියන් තවමත් පාලන මිලට සහල් අලෙවි නොකරන බවයි දඹුල්ල නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.
කෙසේවෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ පාලන මිලට සහල් අලෙවි වනවා දැයි සොයා බැලීම සඳහා අද දිනයේ දිවයින පුරා පාරිභෝගික අධිකාරයේ නිලධාරින් යොදවා ඇති බවයි.
අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාපිත මහා පරිමාණ සහල් මෝල් කිහිපයක් අද දිනයේ පරික්ෂාවට ලක් කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ එම සහල් මෝල්වලින් වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ගණනය කිරීම් සිදුකරන බවයි.
ඊයේ දිනයේදී හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇති සහල් මෝල් ද පාරිභෝගික අධිකාරයේ හදිසි පරික්ෂාවකට ලක් කෙරුණා.