Thursday, December 26, 2024

General line - 0115112241

යාපනයේ හඳුනා නොගත් උණක් - 05ක් මරුට

මාධව කුලසූරිය




යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිර යමින් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද ප්‍රකාශ කළා. 

එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවේ මෙම රෝගී තත්ත්වය කුමක්දැයි මේ වන විට පරික්‍ෂණ ක්‍රියාත්මක බවයි.

යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා අද පැවසුවේ යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

ඔවුන් අවුරුදු 28ත් 45 ත් අතර වයසේ පසුවනවා. උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන් මෙම රෝගීන් පිරිස ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ. 

කෙසේවෙතත් මෙලෙස රෝගීන් වාර්තා වන උණ රෝගය මී උණ වීමට වැඩි ඉඩක් පවතින බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පැවසුවේ. 

එබැවින් කිසිදු අනවශ්‍ය ආකාරයේ බෝවන රෝග බියක් ඇති කර ගත යුතු නැතැයි ඔහු අවධාරණය කළා.

මේ අතර මේ වන විට මී උණ රෝගීන්ද 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවේ.