2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා අද ආරම්භ වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කා©ාලයේදීයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක්ද අද ජනපති ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.