බැංකු ගිණුම් මෙතෙක් විවෘත කර නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ ඇතැම් පුද්ගලයින්ගේ ප්‍රතිලාභ බැර කිරීමේදී ගැටලුවක් මතුව ඇති බවයි.
ඒ, ඔවුන් මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකිරීම හේතුවෙන්. මෙම තත්ත්වයට මුහුණ පා ඇති සංඛ්‍යාව 60,000කට ආසන්නයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පත නොමැති වුවද බැංකු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ.
ලබන 27 වනදාට පෙර බැංකු ගිණුම් විවෘත කිරීමට කටයුතු කරන ලෙසද ඔහු අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දෙනවා.