Thursday, December 19, 2024

General line - 0115112241

මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර්ජාලය තුල අපයෝජනයන්ට ලක්වන බව නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි




ලොව ප්‍රධාන පෙළේ මළල ක්‍රීඩා ඉසව්වලට එක් වන ජනප්‍රිය මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර්ජාලය ඔස්සේ විවිධ අපයෝජනයන්ට ලක්ව ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. 

එහිදී හෙළි වී ඇත්තේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ඔවුන් මෙලෙස ලිංගිකත්වය, ජාතිවාදය වැනි කරුණු පදනම් කර ගනිමින් බලපෑමට ලක්ව ඇති බවයි. 

2020 ටෝකියෝ ඔලිම්පික්, 2022 ඔරිගන් ලෝක ශූරතාවලිය හා 2023 බුඩාපෙස්ට් ලෝක ශූරතාවලිය මෙන්ම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී වැඩි වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තත්ත්වයට මුහුණ දී තිබුණා. 

ලෝක මලල ක්‍රීඩා සභාපති ලෝඩ් කෝ පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,438ක් ඉලක්ක කර පළ වූ අදහස් මිලියන 1යි දශම 4කට වඩා විශ්ලේෂණය කර මෙම තොරතුරු හෙළි කර ගත් බවයි.