Monday, May 20, 2024

General line - 0115112241

ප‍්‍රංශයේ බුර්කිනි තහනම ඉවතට




ප‍්‍රංශයේ වෙරළාසන්න නගර කිහිපයක පනවා තිබූ බුර්කිනි තහනම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර තිබෙනවා.

බුර්කිනි යනු මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන මුහුණ, අත්ල සහ යටිපතුල් හැර සිරුරේ සෙසු සියලූ කොටස් ආවරණය වන නාන ඇඳුමයි.

තමන් අභිමත  ඕනෑම ඇඳුමක් ඇඳීමට කෙනෙකුට අයිතියක් තිබෙන බවත් එය අවහිර කළ නොහැකි බවත් ප‍්‍රංශ ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළා.