Thursday, December 26, 2024

General line - 0115112241

අමෙරිකාව, යුක්‍රේනයට පුද්ගල නාශක බිම් බෝම්බත් යවයි




යුක්‍රේනයට පුද්ගල නාශක බිම් බෝම්බ ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී ඇතැයි වාර්තා වනවා. 

අමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ එම බිම්බෝම්බ ඉක්මනින් ලබා දීමේ සූදානමක් ඇති බව පවසමින්. 

ඒවා යුක්රේන භූමිය තුළදී භාවිත කරනු ඇති බවටයි පැවසෙන්නේ. 

කෙසේවෙතත් මෙම පුද්ගල නාශක බිම් බෝම්බ යුක්රේන සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශවල භාවිත නොකරනු ඇති බවයි එම අමෙරිකානු නිලධාරියා පවසා ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණීමට පෙර මෙම බිම්බෝම්බ ලබා දෙනු ඇතැයි සඳහන්.

පසුගිය මාස කිහිපයේදී යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ රුසියානු හමුදා මෙහෙයුම් ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙනවා. 

ඒවා මන්දගාමී කිරීමේ පියවරක් ලෙස අමෙරිකාව මෙලෙස බිම් බෝම්බ ලබා දෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

යුක්‍රේනයට පුද්ගල නාශක බිම් බෝම්බ ලබාදීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙලෙස එකඟ වී ඇත්තේ අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල යුක්‍රේනය විසින් පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී ඇති පසුබිමකයි.