Saturday, December 21, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුද්දට පෙර

හේරත් ඒකනායක




ලබන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත  බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

පළාත් පාලන මැතිවරණ සඳහා මීට පෙර කැඳවූ නාම යෝජනා අවලංගු කර යළි නාම යෝජනා කැඳවීමට  කටයුතු කරන බවද මහනුවරදී ජනාධිපතිවරයා පැවසුවා.


පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට ඉන්දියාවෙන් බලපෑම් එල්ල වී ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු එහිදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගෙන් විමසීමක් කළා.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණි මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා. 

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.