නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර මහතා යළි පත්කර තිබෙනවා.
ඔහු අද දුම්රිය මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළා.
ධම්මික ජයසුන්දර මහතා 2021 වසරේ සිට වසරක කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළා.
ඉන් අනතුරුව උසස්වීමක් ලද ධම්මික ජයසුන්දර මහතා මේ දක්වා කටයුතු කළේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසයි.