කිළිනොච්චිය නගරය ආසන්නයේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් වයස අවුරුදු දෙකක දැරියක් මියගොස් එම පවුලේ තවත් තුන් දෙනෙකු 25 දා රාත්රී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
ඒ-9 මාර්ගයේ සිදු වූ මෙම අනතුරේදී ටිපර් රථයේ ගැටුණු යතුරු පැදිය මීටර 100 ක් පමණ දුරට ඇදී ගොස් තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
අනතුර සිදුවීමත් සමගම එම ස්ථානයට පැමිණි ප්රදේශවාසීන් තුවාලකරුවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් පොලීසියට ප්රකාශ කොට ඇත්තේ රියදුරා එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි බවයි.
අනතුරත් සමගම රියදුරා පලා ගොස් ඇති අතර කිළිනොච්චිය පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලබා ඇත්තේ මියගිය දැරියගේ මව පියා හා ඇගේ සහෝදරියයි.
තුවාලකරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන්ගේ තත්ත්වය ව් බරපතල බැවින් ඔවුන්ව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.