Friday, December 27, 2024

General line - 0115112241

වතුකරයේ සහ උතුරේත් සුනාමි සැමරුම් වැඩසටහන් රැසක්

මාධව කුලසූරිය-රංජිත් රාජපක්ෂ




සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සමරා උතුරු පළාතේ ස්ථාන රැසක අද උදැසන සැමරුම් වැඩසටහන් පැවැත්වුණා. 

ඥාතීන් සිහිකර පහන් දැල්වීම ඇතුළු ආගමික වතාවත් එහිදී සිදු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පුදුකුඩිඉරිප්පුව, වවුනියාව, මුලතිව් මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ  සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සිහිකිරීමට ස්ථාපිත කර ඇති සැමරුම් ස්මාරක අභියසදී ද සැමරුම් පවත්වා තිබෙනවා.

මේ අතර සුනාමි ව්‍යසනය සිහිකරමින් හැටන් නගර මධ්‍යයේදීද අද පෙරවරුවේ ආගමික වතාවත් සංවිධාන කර තිබුණා. 

විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම සඳහා හැටන් පොලිසියේ නිලධාරින් නගරය හරහා ධාවනය කළ සියලුම වාහන නතර කිරීමට පියවර ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.