Sunday, December 29, 2024

General line - 0115112241

මන්මෝහන් සිංට නාමලුත් අවසන් ගෞරව දක්වයි




අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අවසන් ගෞරව දක්වා තිබෙනවා. 

ඒ, නව දිල්ලි අගනුවර කොන්ග්‍රස් පක්ෂ මූලස්ථානයේදීයි. 

මේ අතර ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වූවා. 

ඒ, නව දිල්ලි අගනුවර පිහිටි මන්මෝහන් සිං මහතාගේ නිවසේදීයි. 

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබෙනවා. 

ඒ, ඔහුගේ සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද සිය නිල එක්ස් ගිණුම් ඔස්සේ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මොහන් සිං මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා. 

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං නවදිල්ලි රෝහලකදී අභාවප්‍රාප්ත වුණා. 

ඒ වන විට ඔහුගේ වයස  අවුරුදු 92 ක්. ඉන්දීය ආර්ථික පුනරුදයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය මන්මොහන් සිං බ්‍රිතාන්‍යයේ  කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙකු වනවා.  

ඔහුගේ අභාවය හේතුවෙන් ඉන්දීය රජය දින 07 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.