නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන පීස් ආර්ක් නෞකාව අද යළි දිවයිනෙන් පිටත්ව ගියා.
එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදායනුකූල සමුදීම කොළඹ වරායේදී සිදු කෙරුණා.
එම චීන නෞකාව පසුගිය 21 වනදා කොළඹ වරායට සේන්දු වුණා.
මෙම නිල සංචාරයේදී ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රෝහල් නෞකාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය දෙපාර්තමේන්තුව හා එක්ව නෞකාව තුලදී වෛද්‍ය ප්‍රථිකාර, වෛද්‍ය සායන සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළා.
එහිදී බාහිර ප්‍රතිකාර, අක්ෂි සායන, ඇතුළු පරීක්ෂණ පැවැත්වීම සිදු කෙරුණු බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදී 1,500 කට අධික පුද්ගලයින් පිරිසක් සහ 250 කට අධික ත්‍රිවිධ හමුදා නිලධාරින් පිරිසක් සහභාගීවී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එම නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
එමෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත මහතා සහ පීස් ආර්ක් රෝහල් නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ද සිදු වූ බවයි නාවික හමුදාව පැවසුවේ.