රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ කිසියම් බාහිර පුද්ගලයෙකු එම වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවයි.
ඒ අනුව එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද එම ආයතනය පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකා පොලියේ යූ ටියුබ් නාලිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා.
වෙබ් අඩවිවලට අදාල තාක්ෂණික යාවත්කාලීන කිරීම් සිදුකර වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරු කර ගැනීම මෙවැනි සයිබර් ප්රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය වන බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.