දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශකයින් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා ඔහුගේ නිවසේ රඳවාගෙන අදාළ ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි විදෙස් මාධ්‍යවාර්තාවල දැක්වෙන්නේ.
විමර්ශකයින් 20 දෙනෙකු පමණ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.