නව වසරේදී රට අලුත් තත්ත්වයකට ඔසවා තැබීමට හැකි වනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසනවා. ඒ, නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.
නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම හිමියන් පැවසුවේ නව වසරේ නව රටක් බිහි කර ගැනීම සඳහා සියලු දෙනා ක්‍රියාවෙන් යහපත් ලෙස දායක විය යුතු බවයි.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ උදා වූ 2025 වසර සමස්ත ලෝක වාසීන්ටම සුවිශේෂී වසරක් වනු ඇති බවයි.
නව වසර උදාව සමරමින් ලොව පුරා සිදුවූ සැමරුම් පිළිබඳව තවත් තොරතුරු නෙත් නිවුස් විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.