ඉතිහාසයේ ලබා ගත් වැඩිම ආදායම වාර්තා කිරීමට ඉකුත් 2024 වසරේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
එම වසරේදී රුපියල් බිලියන 1,520ක බදු ආදායමක් රැස් කර ගැනීමට සමත් වී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
මෙම වසරේදී නව වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් රේගු ආදායම තවදුරටත් වැඩි කරගැනීමට අපේක්ෂා කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.