Tuesday, January 7, 2025

General line - 0115112241

ඉදිරියේදී බිත්තර මිලට වන දේ




ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 45ක් දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ආර් එම් රත්නායක මහතා පැවසුවේ නිෂ්පාදන මිල ඉහළ යාමෙන් එලෙස බිත්තර මිල ඉහළ යා හැකි බවයි. 


නිෂ්පාදන මිල ආණ්ඩුව විසින් අඩු කරන්නේ නම් බිත්තරයක් රුපියල් 25කට අඩු මිලකට පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බවද ඔහු කියා සිටියා.