පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුව රට තුළ ප්‍රමාණවත් සහල් තොගයක් පවතින බව පැවසුව ද මේ වන විටත් වෙළඳපොළ තුළ සහල් හිඟයක් පවතින බවයි.
මේ වන විටත් වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට පිලියමක් ලෙස සහල් ආනයනය කරමින් බෙදා හරිමින් සිටින බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.
එක්සත් ජාතික පක්ෂය නව වැඩපිළිවෙලක් සමඟ ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අඹේවර්ධන මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂය හැරගිය සියලු කණ්ඩයම් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ජනාධිපතිවරයා ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට එරෙහිව ආණ්ඩුව විසින්ම බාධා එල්ල කරමින් ඇති බවට තමන්ට සැකයක් මතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
ආණ්ඩුව තුළ සිටින ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රකාශයන් තුළින් මේ බව තහවුරු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.