Monday, January 6, 2025

General line - 0115112241

ව්‍යාජ හඬපටයක් ගැන පොලීසියෙන් විමර්ශන




ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව පොලීසිය මගින් මහජනතාව වෙත නිකුත් කළේ යැයි සමාජ මාධ්‍ය තුළ සංසරණය වන හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලීසිය පවසනවා. 

සිය නිවෙස් හා ආයතන මෙන්ම අවට පරිසරය ජනවාරි 15 වන දිනට පෙර පිරිසිදු කළ යුතු බවට අදාළ හඬපටයේ සඳහන්ව තිබුණා. 

එමෙන්ම එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට එම හඬපටයේ සඳහන්. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගෙන් විමසීමක් කළා. 

එම හඬපටය පොලීසිය විසින් නිකුත් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.