Wednesday, January 8, 2025

General line - 0115112241

දහම් පාසල් අවසාන විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි




දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

අයදුම්පත් භාර ගැනීම ලබන 14 වනදායින් අවසන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ. අයදුම්පත් කැඳවනු ලබන්නේ මාර්ගගත ක්‍රමයට පමණයි. 

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එම සේවාව ලබාගත හැක බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.